fbpx

View Point Creations -Traditional costumes Shops Kandy

 Shops and Shopping / by adlanka / 1169 views / Popular

View Point Creations in Pilimathalawa,  Kandy is a leading supplier of Kandyan traditional clothing and jewelry that protects our heritage and culture.

Thank you for reading this post, don't forget to subscribe!

අපගේ ඉතිහාසයෙන් බිදක්  ….

බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයින් පිරිසක්  සමනල කන්දට ගොඩ බැස්සය.. ඒ  බ්‍රහ්මයින්ගෙන් පිරිමි ඇද සිටියේ මුල් ඇදුමය. කාන්තාවන් ඇද සිටියේ බෝරිච්චි හැට්ට සහිත ඔසරියයි. මහ සම්මත මනු රජුද මෙම සම්පූර්ණ ඇදුමම ඇදි බව කියවේ. . මෙය ඇදි විට දැනෙන පෞඩබව හා සිංහල අභිමානය ඉමහත්ය.

ලෝකයේ වැඩිම අංග ප්‍රමාණයක් සහිත යාර 48 පමණ වූ වැඩිම රෙදි ප්‍රමානයක් අදින්නාවූ ඇදුම මෙයයි.

මුල් ඇදුමේ මූලික අංග 16කි

සුදු තුන්පොට්ටිය ,රතුතුන් පොට්ටිය, සොමනය, සුදු රැලි කලිසම ,කවනිය, විල්ලුද පපු හැට්ටය , විල්ලුද හැට්ටය , විල්ලුද බද පටය

මුලු 4 හිස්වැස්ම.

අවසාන සමයේ සිංහල සම්ප්‍රදායන් ඉතිරිව පැවතියේ උඩරට රාජධානියේ පමණි. අතීතයේ සිංහලේ යනවායැයි ගමන් කලේද රජුගේ පාලන ප්‍රදේශයටයි. මේ නිසාවෙන් විදේශිකයන් යටතේ පැවති ප්‍රදේශව ඔවුන්ගේ සංස්කෘතිය පැවතිය අතර, සිංහල රජුගේ බලප්‍රදේශයේ සිංහල සංස්කෘතිය සුරැකිව තිබුණි. උඩරට ගිවිසුම අත්සන් කරන විට රට නියෝජනය කල සියල්ලෝම ඇද සිටියේ මුල් ඇදුමය. කාන්තාවන් නම් ඔසරියයි.

මුල් ඇදුම ලොව පවතින වැඩිම උපාංග සංඛ්‍යාවක් පවතින ඇදුමයි. මෙය ඉතාම පෞඩ ඇදුමකි. ඉන්දියාව මතක්වන විට තලප්පාව බැදි සික් ජනයා සිහියට එනවා සේම, අරාබිය මතක්වන විට දිගුලෝගුව මතක්වෙනවා සේම, සිංහලය මතක්වන විට මුල් ඇදුම හා ඔසරිය සිහියට පැමිණේ. මුල් ඇදුම ජාතික උත්සව වලදී අදින්නේ නම් එම උත්සවේ ගාම්භීරත්වය ඉහළ යන්නේය. මෙය අපගේ උරුමයකි. එයට හිමි ගෞරවය නැවත ලබාදීම අපගේ යුතුකමකි.

අපගේ උරුමය රැකෙන කන්ද උඩරට මුල් ඇදුම්  හා ආභරණ සැපයන්නන් අතර සිටින ප්‍රමුඛයෙක් වන Kandy ,Pilimathalawe View Point Creations, වසර 30 කට වඩා  කේෂත්‍රයතුල නමක් දිනා සිටි. එහි අධිපතිතුමා වන සාලිය බණ්ඩාර ඒකනායක මහතාට එම අංශය පිලිබද ඉතා මනා හසල  දැනුමක් සහ පළ පුරුද්දක් ඇත. මුල් ඇදුමක් ඇදිමේදි අනුගමනය කලයුතු සම්ප්‍රදායික ක්‍රමවේදයන් සියල්ල එතුමා  මනාව සිදුකරයි. පාරිබෝගිකයාගේ අවශයතාවය අනුව ගැලපෙන දේම ලබාදිම එතුමාගේ සහජ හැකියාවකි.

ඔබට මෙහිදී ලබාගතහැකි සේවාවන් අතර

  • උඩරට මුල් ඇදුම සහ ආභරණ කට්ටලය,
  • ඉන්දියාණු කුර්තා කෝට් ඇතුලු ඇදුම් කට්ටලය
  • බටහිර ඇදුම් කට්ටලය
  • අනිකුත් සියලුම පිරිමි මංගල ඇදුම්
  • මංගල දිනයේ අවශ්‍ය සේවය
  • විකිණීම, කුලීයට දීම
  • මංගල දිනයට සහ සියලු අව්‍යශතාවයට පැකේජ් වශයෙන් ලබාගත හැකිය.

ඔබගේ  මුල් ඇදුම් අවශ්‍යතාවය කුමක් වුවත්, පිලිමතලාවේ View Point Creations වෙත ඔබ ගොඩවන්නේනම් ඉතා ලෙන්ගතු සේවයක් ඔබට ලබාගත හැකිය. ඔබ වරක් ගොඩවී වෙනස වටහා ගන්න.

.

#

 

  • Listing ID: 2827
  • pages: New
Contact details

View Point Creations 297 Colombo Road Pilimathlawa Kandy .Kandy,sri Lanka,20000 [email protected] https://www.facebook.com/View-Point-Creations-117834286794519

Contact listing owner